IOC ඉන්ධන මිල පහළට

IOC ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා තෙල් සංස්ථාවේ (Ceypetco) ඉන්ධන මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුවී නොමැති අතර ඉන්දියානු තෙල් සමාඟමේ (IOC) ඉන්ධන මිල ගණන් අඩුවී තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් යූරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 බැගින් අඩුකර ඇති අතර ඒ අනුව IOC පෙට්‍රල් ලීටරයක නව මිල 142ක් ලෙස ද එක්ස්ට්‍රා ප්‍රිමියම් යූරෝ 3 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 148ක් ද වේ.

IOC මිල දර්ශකයේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 104ක් ලෙසත්, එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක් රුපියල් 108ක් ලෙසත් ලංකා සුපර් ඩීසර් යූරෝ 4 ලීටරයක් රුපියල් 132ක් ලෙසත් එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 යූරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 164ක් ලෙසත් පවතී.

Facebook
Twitter
LinkedIn