ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද(11) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.
ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද දායකයන් 53,384 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබාඇති අතර එමඟින් සභිකයන් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය.
මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද දායකයින් වලංගු ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය පමණක් ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
31










