උදාර ශ්‍රී ලංකා පක්ෂයේ සහායත් අනුර දිසානායකට

උදාර ශ්‍රී ලංකා පක්ෂයේ සහායත් අනුර දිසානායකට

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටි උදාර ශ්‍රී ලංකා පක්ෂය, ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය උදෙසා සහාය ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටි ඉසුරු සුභසිංහ මහතා අද (10) කුරුණෑගලදී පැවති ජාතික ජන බලවේගයේ රැලියට එක්විය.

මේ වනවිට ජාතික ජනබලවේගය වටා එක්වී ඇති සංවිධාන ගනන 32 දක්වා ඉහළ ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn