ජාතික ජන බලවේගයේ කුරුණෑගල රැලියටත් අතිවිශාල ජනකායක්

ජාතික ජන බලවේගයේ කුරුණෑගල රැලියටත් අතිවිශාල ජනකායක්

ජාතික ජන බලවේගයේ රට ගොඩනගන වැඩපිළිවෙල සම්බන්ධව ජනතාව දැනුවත් කරන රැලි මාලාවේ තවත් අධියරක් අද(10) කුරුණෑගලදී අතිසාර්ථකව පැවැත්විණි.

එහිදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතාට, රැස්ව සිටි අති විශාල ජනකායකගේ උණුසුම් පිළිගැනීම හිමිවිය.

මෙම ජනතා රැලිය සඳහා විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තිකයන් ඇතුළු ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම් රැසක් එක්ව සිටිය හ.

උදාර ශ්‍රී ලංකා පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සිටි ඉසුරු සුභසිංහ මහතා ද මෙම අවස්ථාවේ ජාතික ජන බලවේගයට සහය දක්වමින් එක්වීම සුවිශේෂ සිදුවීමක් විය.

Facebook
Twitter
LinkedIn