සහරාන්ගේ හම්බන්තොට කඳවුරට සහභාගී වූ තවත් සැකකරුවෙකු බේරුවලින් අල්ලයි

සහරාන්ගේ හම්බන්තොට කඳවුරට සහභාගී වූ තවත් සැකකරුවෙකු බේරුවලින් අල්ලයි

පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින් පවත්වන ලද හම්බන්තොට ප්‍රදේශයේ පුහුණු කඳවුරකට සම්බන්ධවී ඇති බවට සැකකෙරන තවත් පුද්ගලයෙකු බේරුවල, අඹේපිටිය ප්‍රදේශයේදී ඊයේ(03) අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට පුහුණු කඳවුරේ පුහුණුව ලබා ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් ජෙම්සිටි නැමති කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ දුරකථන සබඳතා ඔස්සේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් වන මොහොමඩ් වසීම් හෙවත් අබුමස්ඌඩි නැමති බුටාව පාර, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඔහු ද හම්බන්තොට පුහුණු කඳවුරට සහභාගී වී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්