එක්කෝටි හත්ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටේදී අල්ලයි

එක්කෝටි හත්ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටේදී අල්ලයි

රුපියල් එක් කෝටි හත් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(04) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද අලුයම 1.50ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.-001 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබිණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු කලක පටන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වාණිජ භාණ්ඩ ප්‍රවාහනයේ යෙදී ඇත.

සැකකරු මෙරටට රැගෙන ආ සාරි තොගයක් අතර පාර්සල් ලෙස සැකසූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබී ඇති අතර රේගු නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම්වලදී සොයාගෙන තිබේ.

සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 70ක් බව රේගුව සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්