දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන ගැසට් නිවේදනය නිකුත් වෙයි

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන ගැසට් නිවේදනය නිකුත් වෙයි

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(03) මධ්‍යම රාත්‍රියේ එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදුප්‍රවාහන සේවාවන් සහ එම සේවාවන් පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය වන දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු සියළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැළකෙනු ඇත. එසේම දුම්රිය සේවය පවත්වාගෙන යාමට අදාලවන සියලු වැඩ සහ ඕනෑම අකාරයක ශ්‍රමය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් වනු ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්