ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට තිබූ කාලය අදින්(04) අවසන් වේ.
ජනාධිපති මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර පසුව මැතිවරණ කොමිෂන් සභා රැස්වීමකදී තීරණය කර තිබුනේ එම කාලය අද දිනය දක්වා දීර්ඝ කිරීමට ය.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය 18 වැනිදා සිට ආරම්භ වූ අතර අද මධ්‍යම රාත්‍රියෙන් එම කාලය අවසන්වීමට නියමිතව ඇත.
8










