මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ සොරකම් කරයි

මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ සොරකම් කරයි

ඉන්දියාවේ බලවත් දේශපාලන සහ අධ්‍යාත්මික නායකයෙකු වූ මහත්මා ගාන්ධි තුමන්ගේ භෂ්මාවශේෂ, කිසියම් පිරිසක් විසින් සොරකම් කොට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සොරකම සිදුව ඇත්තේ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දිනය යෙදී තිබූ ඊයේ(02) දිනයේ ය.

ඒ වනවිට ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ එම භෂ්මාවශේෂ තැන්පත් කර තිබී ඇති අතර මහත්මා ගාන්ධි තුමා ඝාතනය කළ 1948 වර්ශයේ සිට භෂ්මාවශේෂ එම ස්ථානයේ තැන්පත් කර තිබී ඇත.

මෙම සොරකම සිදුකළ පිරිස විසින් අනුස්මරණ මධස්ථානයේ එල්ලා තිබූ ගාන්ධි තුමාගේ ඡායාරූපවල “ජාතිද්‍රෝහියා” යනුවෙන් කොළ පැහැ අකුරින් ලියා තිබූ බව ඉන්දීය පොලීසිය වාර්තා කර ඇත.

1948 වර්ෂයේ ජනවාරි මාසයේදී හින්දු අන්තවාදීන් විසින් මහත්මා ගාන්ධි ඝාතනය කරන ලදී.

අදටත් බොහෝ හින්දු අන්තවාදීහු ගාන්ධිතුමා ද්‍රෝහියෙකු ලෙස හඳුන්වන බව මාධ්‍ය වාර්තා කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්