බණ්ඩාරගම අටලුගම මුස්ලිම් ජාතික කාන්තාවකට පහරදී අඩම්තේට්ටම් කළ බව කියන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් දස දෙනෙකු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
පසුගිය මාර්තු මස 24 වැනිදා බණ්ඩාරගම අටලුගම පදිංචි හසන් ෆාතිමා හයිෂා නැමති කාන්තාවට මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලයන් පිරිසක් මෙලෙස පහරදී ඇතැයි බණ්ඩාරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් අදාල කාන්තාව සිටි නිවසට කඩා වැඳී ඇයට පහරදී අඩත්තේට්ටම් කර තිබූ බව බන්ඩාරගම පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙලි වූ බව බණ්ඩාරගම දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බණ්ඩාරගම පොලිසියෙන් ඉකුත් අගෝස්තු මස 02 වැනි දින ඉවත් කළ අධිකරණය එම විමර්ශන බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද පිරිස අතර බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා ද ඇත.










