දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කෙරෙන ගැසට් නිවේදනය මධ්‍යම රාත්‍රියට පෙර

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කෙරෙන ගැසට් නිවේදනය මධ්‍යම රාත්‍රියට පෙර

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරන ගැසට් නිවේදනය අද(03) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ අත්සන සහිතව ඊට අදාල නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි වාර්තා වේ.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගය 8 වැනි දිනටත් අද කියාත්මක විය. දුම්රිය ඉන්ජිනේරුවන් සහ විශ්‍රාමික දුම්රිය සේවකයන් මගින් දුම්රිය සේවය යලි ක්‍රියාත්මක කරන බව රජය පාර්ශ්වය ප්‍රකාශ කර සිටිය ද අද දිනයේ ද ධාවනය කෙරී ඇත්තේ දුම්රිය 19ක් පමණි.

දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමට ද පියවර ගෙන ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ එක් දුම්රියක් සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනියුක්ත කර ඇති බවය.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහන් කරන්නේ ගැටළු විසඳීම වෙනුවට ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කර ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්