ගෝඨාබයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධව ඉදිරිපත්ව ඇති පෙත්සමේ වැඩිදුර විභාගය හෙට

ගෝඨාබයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධව ඉදිරිපත්ව ඇති පෙත්සමේ වැඩිදුර විභාගය හෙට

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධ කරුණු තහවුරු කරන තුරු, ඔහුගේ මෙරට පුරවැසිභාවය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම තෙවැනි දිනටත් සළකා බැලීම සඳහා හෙට(04) දිනය දක්වා කල් තබා තිබේ.

පෙත්සම අද කැඳවා තිබූ අවස්ථාවේ එහි තුන්වන වගඋත්තරකරු ලෙස නම්කර සිටින විෂයභාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

අනතුරුව ගෝඨාබය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදුකෙරිණි.

එම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සමේ වැඩිදුර විභාග කටයුතු සඳහා හෙට දිනය දක්වා කල් තැබීය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්