අද (10) උදෑසන අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149ක් සහ කාර්ය මණ්ඩලයේ 8ක් ඇතුළු 157දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානය කඩා වැටී තිබුණේ ගුවන් ගතවී විනාඩි අටකට පසුවය.
ගුවන් යානය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.
ඉතියෝපියානු අගමැතිවරයා අබියි අහමඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගුවන් අනතුරින් විපතට පත් වූ අයගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කර තිබිණි.
27










