මාර්තු 08 වෙනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එතෙර අපි සංවිධානයේ අබුඩාබි ශාඛාව විසින්ද පසුගිය 08 වනදා කාන්තා දින වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
අබුඩාබි හී වෙසෙන ශ්‍රී ලාංකික කාන්තා ප්‍රජාවගේ සහභාඟීත්වයෙන් මෙම සැමරුම් උළෙල පවැත්විනි.
ඒ සඳහා එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වානිජ, දේශපාලනික සහ ප්‍රජා සම්බන්දතා වෙනුවෙන් දෙවන ලේකම් ලෙස කටයුතු කරන හර්ෂා රූපරත්න මෙනවිය, ප්‍රවීණ ගීත රචක නයනසේන වන්නිනායක මහතා ඇතුළු තවත් කිහිප දෙනෙකු ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
එදින කාන්තා දින සැමරුමට සමගාමීව ක්‍රීඩා තරඟ, දැණුම මිනුම තරඟ, විශේෂ තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ අතර විවිධ තරඟවලට ඉදිරිපත්වූවන්ට සහ පැමිණි සැමටම ත්‍යාග ලබාදීමද මෙහිදී විශේෂත්වයකි.
එමෙන්ම මියුරු සංගීතයකට සවන්දීමේ අවස්ථාවද උදා කර තිබූ අතර එදින පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා එම වැඩසටහන පැවැත්විණි.




















