ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡා හෙට (11) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ කිහිපදෙනෙකුද සහභාගී වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
5










