රිය අනතුරකට ලක්ව බරපතල තුවාලලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාවහන අංශයේ ස්ථානාධිපතිවරයා මීට මද වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
රථවාහන අංශ ස්ථානාධිපවරයා යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී පෙබරවාරි මස 24 අලුයම 4.35ට පමණ බම්බලපිටියේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයට යටකර පලා ගොස් තිබිණි.
ස්ථානාධිපතිවරයා යට කර පලා ගිය පිරිස පසුව අත්අඩංගුවට ගත් අතර එසේ අත්අඩංගුවට පත් පිරිස පොලිස් නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු මෙරට ඉහළ ප්‍රභූන්ගේ දූ දරුවන් වීමද විශේෂත්වයකි.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසට එදිනම ඇප ලබාදෙන ලදී.
3










