විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරද්ධ කිනිතුල්ලන් කිහිප දෙනෙක් පොදුජන පෙරෙමුණේ සිටියද මහින්ද පිලේ සිටින බොහෝ මන්ත්‍රීවරු විධායක ජනාධිපත් ධුරයෙන් බැට කෑ අය බැවින් පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාර ලේකම් විජිත හේරත් මහතා ඊයේ (08) බණ්ඩාරවෙලදී සඳහන් කළේ ය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධ සාකච්ඡා සිදුවුවහොත් පක්ෂයෙන් ඉවත්වන බව පැවසූ පුද්ගලයා දැන් සොයාගැනීමටවත් නොමැති බවද විජිත හේරත් මහතා සඳහන් කරයි.
මහින්ද – ජවිපෙ සාකච්ඡා සිදු වුවහොත් එක්බාද්ධ විපක්ෂයෙන් මහින්ද පිලෙන් ඉවත්වන බව පැවසූවේ විමල් වීරවංස මන්ත්‍රීවරයාය.
බණ්ඩාරවෙල අසනයේ ජනතා විමුක්ති පෙරමුණේ බලමණ්ඩලය ප්‍රතිසංවිධානය කිරිමේ අවස්ථාවට එකිවෙමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළ අතර මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද එක්වී සිටියහ.










