“ගැහැනුකම ඉක්මවිය යුතු ගැහැනිය”

“ගැහැනුකම ඉක්මවිය යුතු ගැහැනිය”

මාර්තු 08 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමෙත්තෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් “ගැහැනුකම ඉක්මවිය යුතු ගැහැනිය” නමින් ඊයේ (08) පස්වරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වීය.

එහි දේශන සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී ආචාරිණී සරෝජා පෝල්රාජ් මහත්මිය, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

මෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාවීම ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබිණි.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්