කොකේන් ප්‍රවාහන කළ තරුණයකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට

කොකේන් මත්කුඩු ග්‍රෑම් 300ට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයකු බොරැල්ල පොලිසිය විසින් ඊයේ (08) රාත්‍රි 11.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරු අනුව සිදු කළ සෝදිසියකදී බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දි ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වන අතර ඔහු අද (09) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්