ජලවිදුලි නිෂ්පාදනය පහතට – විදුලිය පරිභෝජනයේදී සැලකිලිමත් වන්න

ජලවිදුලි නිෂ්පාදනය පහතට – විදුලිය පරිභෝජනයේදී සැලකිලිමත් වන්න

පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජලවිදුලි බලාගාරවල දායකත්වය 20%කින් පමණ අඩුවී ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

වියලි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ දිනවල සාමාන්‍ය විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.4ක් පමණ වාර්තා වන අතර ඊට අදාල විදුලි සැපයුමක් ලබාදීම අසීරු වී තිබේ.

පැය 24 පුරා අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීමට මේ වනවිටත් ක්‍රියාමාර්ග ගන්නා බවත් විදුලිය භාවිතයේදී නිසි කළමණාකාරීත්වයෙන් යුතුව නාස්තිය අවම කරගනිමින් විදුලිය භාවිත කරන්නැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඉදිරි දින කිහිපයේ ද වියලි කාලගුණික තත්වය බලපවත්වන බැවින් ජලවිදුලි නිෂ්පාදනය තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn