අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට සිතාසි

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලබන මැයි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා සිතාසි නිකුත් කර තිබේ.

හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිරි මහතාට එරෙහිව පවතින නඩුවක සාක්ෂි ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබේ.

දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් වසරක කාලයක් තුළ වැටුප් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදල් හා හිමිකාරීත්වයක් දැරීම සම්බන්ධව රංජන් සෝමසිරි මහතාට චෝදනා එල්ලවී ඇත.

Facebook
Twitter
LinkedIn