රුසියාවේ නිෂ්පාදිත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීනයක් මිලට ගැනීමට ඊයේ(08) ඉන්දියාව ගිවිසුමකට එළඹ ඇත.
සබ්මැරීනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වන අතර ඉන්දීය නාවික හමුදාව සඳහා වසර 10ක කාලයකට ලබාගැනීම සඳහා මෙම ගිවිසුමට එළඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චක්‍රා 3 නමින් 2025 වසරේදී මෙම සබ්මැරීනය ඉන්දීය නාවික හමුදාව සතුවන අතර මේ වන විටත් රුසියානු සබ්මැරීන දෙකක් ඉන්දියාව බද්ධට ලබාගෙන තිබේ.
ඉන්දියාව මේ වනවිට හමුදාව අවිවලින් සන්නද්ධ කිරීමේ ව්‍යාපෘතියක නිරතව සිටියි. පසුගිය දා ඉන්දු – රුසියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ඒ.කේ. 203 ප්‍රහාරක රයිෆල් නිපදවන කම්හලක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉදිකොට අග්‍රාමාත්‍ය මෝදි අතින් විවෘත විය.
8










