නාලක ද සිල්වාගේ ඇප ඉල්ලීම නැවත ප්‍රතික්ෂේපයි

නාලක ද සිල්වාගේ ඇප ඉල්ලීම නැවත ප්‍රතික්ෂේපයි

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

සැකකාර නාලක ද සිල්වා මහතාගේ ඇප ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබුණි. එහෙත් විනිසුරු මංජුල තිලකරත්න මහතා පෙන්වා දුන්නේ කොළඹ කොටුම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්තිය යටතේ බවය.

එසේම එම වගන්තිය ප්‍රකාරව සැකකරුවෙකු නඩුව අවසන් වනතෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයාට බලය පවතින බවද මංජුල තිලකරත්න මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරුවරයා පැවසීය.

Facebook
Twitter
LinkedIn