ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ විජ්ජාවක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කර ඇත්තේ සමෘද්ධි ලාභීන් සම්බන්ධ යෝජනා මගින් වැරදි චිත්‍රයක් රටතුළ නිර්මාණය කර ඇති බවයි.
එබැවින් මෙය විහිළු සහගත අයවැයක් බවත් පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි සහනාධාරය ලබාදෙන බවට සිදුකර ඇති පොරොන්දුව පෙර පරිදිම ආණ්ඩුවේ දේශපාලන වාසි සඳහා යොදාගන්නා ප්‍රකාශයක් බවත් එම සංගමය පෙන්වා දෙයි.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළවේ…
20













