නාමල්, විමල්, ශෂි CIDයට කැඳවයි

නාමල්, විමල්, ශෂි CIDයට කැඳවයි

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ මහතා, විමල් වීරවංස මහතාත් ඔහුගේ  බිරිඳ ශෂි වීරවංස මහත්මියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිව 16 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන්  කර ගැනීමට නියමිත බවද  අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුව අධිකරණයට දන්වා ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ උක්ත ඝාතන කුමන්ත්‍රණ නඩුව එදින  කැඳවු අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් තිදෙනාද කැඳවා ඇති බව අධිකරණයට  දැනුම් දී තිබේ.

එම ඝාතනයට අදාලව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඉන්දීය ජාතිකයා රෝ ඔත්තු කරුවෙකු යැයි විමල් වීරවංස මහතා විසින් මීට පෙර ප්‍රකාශ කර තිබූ බවට ප්‍රවෘත්ති පල වූ අතර එම ඉන්දීය ජාතිකයා විමල් වීරවංස මහතාගේ බිරිඳ ඔවුන්ගේ නිවසේදී මුනගැසී ඇති බවටද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn