ගෝඨාට එරෙහි මූල්‍ය චෝදනා නඩුව 22 සිට දිනපතා විභාගයට

ගෝඨාට එරෙහි මූල්‍ය චෝදනා නඩුව 22 සිට දිනපතා විභාගයට

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී  මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙ මස 22දා සිට දිනපතා විභාග කරන්නැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග  කර තිබේ.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33ක් අවභාවිත කළැයි  ඔහුට විරුද්ධව චෝදනා ගොනු කර ඇත.

මෙම නඩුව ඊයේ (17)  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී  කැදැවිණි.

Facebook
Twitter
LinkedIn