තම කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එකිනෙකා තරගයට මෙන් විවිධ නම් ප්‍රකාශ කලද අවසාන තීරණය ඇත්තේ තමාගේ අතේ යැයිද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් සිදුකල ප්‍රකාශ පිළිබඳව සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳ අද(16) පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කල ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය සඳහා සාකච්ඡා කොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
2










