මහින්ද ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම කල්යයි

මහින්ද ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම කල්යයි

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා මහින්ද ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (16) දින නියමය කළේය. මෙම කරුණ සම්බන්ධ අභියාචන පෙත්සම ද පෙබරවාරි 21 දින සලකා බැලීමට දින නියම කෙරිණි.

මෙම විශේෂ අභියාචන පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ප‍්‍රසන්න ජයවර්ධන  සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 03 වැනිදා නියෝගයක් ලබා දුන් අතර ඊට  එරෙහිව මෙම විශේෂ අභියාචන පෙත්සම ඉදිරිපත් කෙරිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්