1870 මාර්තු 5 දින පෝලන්තයේ samsec නුවර උපත ලැබූ රෝසා ලක්ෂම්බර්ග් අවුරුදු දාහතේදී පෝලන්තයේ නිර්ධනයන් ගේ සංවිධානයට බැඳී දේශපාලනය ආරම්භ කළා ය . දාර්ශනිකයෙක් ආර්ථික විද්‍යාඥවරියක් යුද විරෝධී ක්‍රියාකාරිනියක් මාක්ස්වාදී න්‍යායාචාර්යවරියක් හා විප්ලවවාදීනියක් ලෙස මුළු යුරෝපයට ම බලපෑමක් කළා ය .කොමියුනිස්ට් දෙවන ජාත්‍යන්තරයේ නායිකාවක් වූ ඇය මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කිරීමට ප්‍රබල බලපෑමක් ද කළාය. ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ඇය ලෝකයේ ම ජාතීන් එක හා සමාන බව තරයේම විශ්වාස කළාය . පුරුෂ මනෝභාවයෙන් යුක්ත වටපිටාවක් තුළ ගැහැනියක් ලෙස ආදරය ප්‍රේමය කලාව සාහිත්‍ය වින්දනය කරමින් ද ලෝකයට සමාජවාදය අවශ්‍ය බවත් ඒ සඳහා ගැහැනියක වීම කිසි විටෙකත් බාධාවක් නොවන බවටත් තම ජීවිතයෙන් ඔප්පු කළ රෝසා සැබෑ විප්ලවවාදීනියක්ම විය . 1919 ජනවාරි 15 ඇය මරා දමන ලද්දේ දේශපාලන විරුද්ධවාදීන් විසිනි. ඇය මරා දැමුවද ඇය නැඟූ හඬ කිසිදා යටපත් කළ නොහැකි විය.
”රෝස අතුරුදහන් ය. ඇයට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී ය. ඇය දුප්පතුන්ට ජීවිතය ගැන කියා දුන්නාය. ඒ නිසා ධනවතුන් ඇය මරා දැමුවාය. ඇය සමාදානයෙන් සැතපේවා”
ඒ ප්‍රකට නාට්‍යකරුවකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රෝසා ගැන කළ ප්‍රකාශයකි .
‘ඉදිරියට නොයන්නා තමන් බැඳී යදම් ගැන නොදනී.’
‘ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර සමාජවාදයකුත් සමාජවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය කුත් නොමැත.’ රෝසා ලක්සම්බර්ග් පැවසුවේ එසේය.











