හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සඳහන් වන්නේ තෛයිපොංගල් දිනයේය. හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛයිපොංගල් උත්සවය අද (15) ට යෙදී තිබේ. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හින්දු බැතිමතුන් තෛයිපොංගල් උත්සවය සමරයි.
සූර්ය වන්දනාව මුලික කරගත් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන අතර ආරම්භය සටහන් වන්නේ දකුණු ඉන්දියාවේය. මෙහි සියලු චාරිත්‍ර වාරිත්‍ර මිනිසා සහ සොබා දහම අතර සහජීවිනය අර්ථවත් කරන අතරම මානව සමාජයේ සතුට සහ සෞභාග්‍ය අරමුණු කරයි.
15










