ඛනිජ තෙල් සංස්ථාවේ කලහයට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රී යලි රිමාන්ඩ්

ඛනිජ තෙල් සංස්ථාවේ කලහයට සම්බන්ධ පොහොට්ටු මන්ත්‍රී යලි රිමාන්ඩ්

ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතලු වී රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජන රාශිය යන චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී කේ. ජී. කුලතිස්ස යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(11) නියෝග කළාය.

සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අතර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු පිහිටුවාගත් කුමන්ත්‍රණ ආණ්ඩුව පැවති කාලය තුළ හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැමිණීමේදී අදාල නාගරික මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායමක් කලහකාරී ලෙස හැසිරුණ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුවිය. සිද්ධිය ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ අතර පසුගිය 7 වැනිදා අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විය.

Facebook
Twitter
LinkedIn