හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ නඩුව ලබන 17ට කල්යයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ නඩුව ලබන 17ට කල්යයි

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ වැඩිදුර විමර්ශන කටයුතු ලබන 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(11) නියෝග කර තිබේ.

නඩුව කැඳවූ අවස්ථාවේ සිදුවූ බව පැවසෙන මුදල් ගනුදෙනුවට අදාළව බැංකුවල පවතින සටහන් පිළිබඳව බැංකු නිලධාරීන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවිය.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා   නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

නඩුවට අදාල සෙසු විත්තිකරුවන් වනුයේ පියදාස කුඩාබාලගේ ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය ය.

ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතීත්වය සම්පත් අබේකෝන් මහතා දැරූ අතර සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සෙසු විනිසුරුවන් විය.

Facebook
Twitter
LinkedIn