නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳ පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11) ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.
අද පෙරවරු 10.00ට ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වූ අතර එහි සභාපති ධුරය දැරූ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ රැස්වීම පිළිබඳ විධිමත්ව දැනුම් දී ඇති අතර ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායට අනුව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට බාධාවක් නොමැති බවයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙහෙයුම් කමිටුව වෙත විශේෂඥ කමිටුව විසින් බාරදුන් වාර්තාව ඉදිරිපත් කෙරුණි.
4










