2021 දී ඉන්දියානුවෝ උඩු ගුවනට

2021 දී ඉන්දියානුවෝ උඩු ගුවනට

වසර 2021 වනවිට ඉන්දීය ගගනගාමීන් රැගත් දේශීය රොකට් යානයක් ගුවන් ගතකිරීමට මේ වනවිට සැළසුම් සකස්කර ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කේ. සිවන් මහතා පවසයි.

ගගන්යාන් ව්‍යාපෘතිය හරහා ඉන්දියානුවන් ගුවන ජය ගැනීමට අදාල සැළසුම් පළමුවරට, එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශ කළේය.

වසර 2021 දී ඉන්දීය ගගනගාමීන් තිදෙනෙකු රැගත් රොකට් යානයක් ගුවන් ගතකිරීමට සැළසුම් කර ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි දස දහසක් වෙන්කර ඇති බවත් අමාත්‍ය රවිශංකර් ප්‍රසාද් පසුගිය මාසයේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නිස්චිත වශයෙන් ඉන්දීය ගගනගාමීන් උඩු ගුවනට යැවීමේ සැළසුම් ප්‍රකාශ වී ඇත්තේ පළමු වරටය.

Facebook
Twitter
LinkedIn