තායිවානයට නව අගමැතිවරක්

තායිවානයට නව අගමැතිවරක්

තායිලන්ත අග්‍රාමාත්‍ය විලියම් ලායි ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් තායිවාන පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂයේ හිටපු සභාපති සූ සෙන් චෑන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව වාරතා වේ.

අග්‍රාමාත්‍ය විලියම් ලායි ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ පසුගිය මාසයේ පැවති මැතිවරණවලින් පරාජයට පත්වීම හේතුවෙනි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස සෙන් චෑන් අද(11) සිය පත්වීම ලබාගැනීමට නියමිතව ඇති අතර ඉන් පසු ඔහුවිසින් අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට නියමිතය.

ප්‍රාදේශීය මැතිවරණවලින් පරාජයට පත්වීම හේතුවෙන් තායිලන්ත ජනාධිපතිනී සායි ඉන් වෙන් පක්ෂ සභාපතීත්වයෙන් මේ වනවිටත් ඉවත්ව ඇති අතර ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇයට දැවැන්ත අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසයි

Facebook
Twitter
LinkedIn