වෙනිසුවේලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මදුරෝගේ දෙවන වර පත්වීම නීත්‍යාණුකූල නොවන බවට ජාත්‍යන්තර විවේචන එල්ල විය. ඇමරිකාව සහ තවත් රටවල් 13ක් පසුගිය සතියේ පවසා සිටියේ මදුරෝගේ ජනාධිපතිධූරය පිළි නොගන්නා බවයි.
සමාජවාදී පක්ෂයේ නායකයා වන 56 වියැති මදුරෝ පවසා සිටියේ අවුරුදු 06ක දෙවන ධූර කාලය රට සාමය කරා ගෙන යෑමේ දැවැන්ත පියවරක් වනු ඇති බවයි.
නිකරගුවා හා බොලීවියා ජනපතිවරුන් ඇතුළුව රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබී ඇත.
10










