නව කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අද(11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඒ අනුව රවින්ද්‍ර සමරවීර මහතා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ ද වී. රාධක්‍රිෂ්ණන් මහතා විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දි ඇත. අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
මේ අතර දයා ගමගේ මහතාගේ අමාත්‍ය ධුරය යටතේ පැවති කම්කරු වෘත්තීය සමිති සබඳතා විශය ඉවත්කර තිබේ. ඔහුගේ නව අමාත්‍ය ධුරය වන්නේ සමාජ සවිබල ගැන්වීමේ අමාතය ධුරයයි.
4










