කීර්තිට, මාර්ෂල් පෙරේරාට හදිසි ආණ්ඩුකාර මාරුවක්

කීර්තිට, මාර්ෂල් පෙරේරාට හදිසි ආණ්ඩුකාර මාරුවක්

ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් හදිසියේ මාරු කර තිබේ.

එම දෙදෙනා ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ යළි එම තනතුරුවල දිවුරුම් දී ඇත.

කීර්ති තෙන්නකෝන් මහතා ඌව පළාත් ආණ්ඩුකාර වශයෙන් පසුගිය 08වනදා දිවුරුම් දුන් අතර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

Facebook
Twitter
LinkedIn