ජනාධිපති පෞද්ගලික ලේකම් සහ හිටපු කෝට්ටේ නගරාධිපති ජනක රණවකට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ පවතින අධිචෝදනා සලකා බැලීම පෙබරවාරි මස 28 වැනිදා සිදුකිරීමට නියමිතය.
නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ මෙම අධිචෝදනා ගොනුකර ඇත්තේ 2013 වසරේ කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතාගේ පෞද්ගලික පරිගණකයට අනවසරයෙන් ඇතුළුවීමේ සිදුවීමක් මතය.
පසුගිය දා ජනක රණවක මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කරගනු ලැබුවේ මෙම අධිචෝදනා ගොනුකර තිබියදීය.
10










