පාර්ලි‌‌මේන්තු කළහයේ වාර්තාව ‌හෙට කතානායක හමුවට

පාර්ලි‌‌මේන්තු කළහයේ වාර්තාව ‌හෙට කතානායක හමුවට

පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදුවූ කළහකාරී තත්වය සම්බන්ධ වාර්තාව හෙට දිනයේ කතානායකවරයා ‌වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ විමර්ශන කටයුතු මේ වනවිට අවසන්ව ඇති බව එම කමිටුවේ සභාපති  නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

විමර්ශන වාර්තාව කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන අතර ඊට පෙර පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමට ද නියමිතය.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා මැදිහත්වෙමින් සිදුකළ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් පාර්ලිමේන්තුවේ යම් මතභේදාත්මක සහ කලහකාරී වාතාවරණයක් නිර්මාණය විය. නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනයන්හි පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම්කාරී තත්වය අතරතුර පොදු දේපල හානිකිරීම් හා පහරදීම් සිදුවීම සම්බන්ධව විමර්ශනයට විශේෂට කමිටුව පත්කෙරිණි.

Facebook
Twitter
LinkedIn