ජනතාවාදී පාලනයක් වෙනුවෙන් කුරුණෑගලදීත් විද්වත්හු පෙළ ගැසෙති

ජනතාවාදී පාලනයක් වෙනුවෙන් කුරුණෑගලදීත් විද්වත්හු පෙළ ගැසෙති

ජාතික විද්වත් සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පසුගිය (07) කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්විණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිස්තියානි හා සංස්කෘතික අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය විජිත් රෝහණ මහතා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය, චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කළුආරච්චි මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙහිදී සමුළුව ඇමතූහ.

මෙම අවස්ථාවට පොල්ගහවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී, හොඳැල්ල කු/විදර්ශන විද්‍යාලයෙහි විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, කොරදොළුවේ ශ්‍රී මයුරසේලාරාමාධිපති, ශ්‍රාස්ත්‍රවේදී  පූජ්‍ය මහනේළුබෑවේ අනුරුද්ධ හිමි, ආගමික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ එච්.එම් හේරත් මහතා, හිටපු නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එස් ගුණතිලක මහතා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී හතුරුසිංහ මහතා, රිදීගම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් රණතුංග මහතා, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.එස්.එම් ෆාරුක් මහතා, විශ්‍රාමික නාවික ඉංජිනේරු එච්.එම් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලයනල් පටබැඳි මහතා, හිටපු අද්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.එම්.පී බාලසූරිය මහතා, වව්නියාව හිටපු ප්‍රාදේශීය ලේකම්, හිටපු නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් එච්.එම්. තිලකරත්න මහතා, හිටපු සහකාර කම්කරු කොමසාරිස් නීතීඥ ආනන්ද සහ බන්දු මහතා, ප්‍රවීන රංගනශිල්පී රිචඩ් වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් එක්වි සිටියහ.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන වාතාවරණය අනුව වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් එසේ උගතුන් බුද්ධිමතුන් සංවිධානය වීමේදී ගතානුගතික, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් මිදී විකල්ප ධාරාවක දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වීමේ අවශ්‍යතාවයත් එම සමුළුවේදී අවධාරණයට ලක් විය.

Facebook
Twitter
LinkedIn