රහස් ‌පොලීසියට එරෙහිව ඇලෝසියස්ගේ නීතීඥවරුන්ගෙන් ‌මෝසමක්

රහස් ‌පොලීසියට එරෙහිව ඇලෝසියස්ගේ නීතීඥවරුන්ගෙන් ‌මෝසමක්

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව අත්අඩංගුවේ සිට පසුගිය ද ඇපමත මුදාහැරි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරුන්ට රහස් පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කර  ඇතැයි එම නීතීඥවරුන් විසින් අද(10) කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට කරුණු දැක්වීය.

මෝසමක් ඉදිරිපත් කරමින් සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරුන් පවසා සිටියේ අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසියකට අනුව ඉකුත් ඉරිදා තම සේවාදායකයා නීතිවේදීන් දෙදෙනෙකු සමඟ රහස් පොලිසිය වෙත වාර්තා කිරීමට ගිය අතර එහිදී රහස් පොලිස් නිලධාරීන් විසින් ඇලෝසියස් මහතා සමඟ අත්සන් කිරීමට නීතීඥයින්ට යා නොදී බාධා කළ බවත් අවඥා සහගත ආකාරයෙන් එම නිලධරීන් තමන්ට කතාකළ බවත්ය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ  පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සේවාදායකයින් සමග නීතිඥවරුන්ට යාම සඳහා පවතින අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්  තහවුරු කර ඇති බවයි.

කිසියම් නීතීඥවරයෙකු සම්බන්ධව සැකයක් තිබේනම් එම නීතීඥවරයාගේ හැඳුම්පත පරීක්ෂා කිරීමට නිලධාරීන්ට අවසර ඇති බවත් එසේ පරීක්ෂා කිරීමෙන් පසු සිය සේවාදායකයන්ට සහයවීමට නීතීඥවරුන්ට සහය දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn