බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්හට ලබා දුන් හදිසි ස්ථාන මාරුවට එරෙහිව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටි සේවකයින් හට අජිත් පෙරේරා අමාත්‍යවරයාගේ පුද්ගලික ලෙකම් කුරුප්පු නැමැත්තා ඇතුළු මැර කණ්ඩායමක් එම කාර්යාල පරිශ්‍රයට තුළට පැමිණ තර්ජනය කර තිබේ.
මෙම කණ්ඩායම පැමිණ ඇත්තේ PG9570 දරණ ඩබල් කැබ් රථයෙනි.
මෙම ලේකම්වරිය හදිසියේ ස්ථාන මාරු කිරීමත් සමග ඇය හෘදයාභාදයකට ලක්ව රෝහල් ගත කර ඇත.
මෙම ලේකම්වරියට ස්ථාන මාරුවක් ලබා දී බණ්ඩාරගමට අනියුක්ත කර ඇත්තේ කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි ලේකම්වරියක් වීමද විශේෂත්වයකි.
මෙම ස්ථාන මාරුවට විරෝධය දක්වමින් පැවති උද්ඝෝෂණයට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු තර්ජනය කිරීමෙන් එම ස්ථාන මාරුවට දේශපාලනඥයින්ගේ සම්බන්ධයක් ඇති බව පෙන්නුමු කෙරේ.
7










