පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීම නිවැරැදි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව තිබෙන හෙයින් විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ එම කණ්ඩායමට බවයි.
මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවැති ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස සිටීම හේතුවෙන් ඔවුන්ට විපක්ෂ නායක ධුරය නොලැබුණු බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේ ය.
2002 – 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පැවැති කාලවකවානුවේ ඇගේ නායකත්වය තුළද පොදුජන එක්සත් පෙරමුණට විපක්ෂයේ නායකත්වය හිමි වූ බව උදාහරණයක් ලෙස අනුර දිසානායක මහතා පෙන්වා දෙයි.
අනුරාධා හේරත් – මව්බිම
10










