විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව අද දෙවනදිනටත් විවාදයට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව අද දෙවනදිනටත් විවාදයට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල්තැබීමේ විවාදය අද (19) දෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මෙම යෝජනාව ස්තීර කරන ලදී.

එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයට සම්බන්ධ බොහෝ පක්ෂ නායකයන්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට වූ යෝජනාවට පක්ෂව අදහස් දක්වන ලදී.

Facebook
Twitter
LinkedIn