නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) පෙරවරුවේ දිවුරුම් දෙන බවට ඊට පෙර දින එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රකාශ කර තිබුණද ඊයේ ප්‍රකාශ කර තිබුණේ ඇමති මණ්ඩලය අද (19) දිවුරුම් දෙන බවය.
කෙසේ නමුත් අද දිනයේද ඇමති මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (18) පස්වරුවේ යැවීමට නියමිතව තිබුණත් එය මෙතෙක් ජනාධිපතිවරයාවෙත යවා නොමැති බවද එම ආරංචි මාර්ගවලින් කියවේ.
මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයා විරෝධය පල කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.
5










