පාසල් නිළ ඇඳුම් රෙදි හෝ වව්චර් පත් තවමත් නැහැ – ලංකා ගුරුසේවා සංගමයේ දැඩි වීරෝධය

පාසල් නිළ ඇඳුම් රෙදි හෝ වව්චර් පත් තවමත් නැහැ – ලංකා ගුරුසේවා සංගමයේ දැඩි වීරෝධය

2018 වර්ෂයේ පාසල් පැවැත්වීම නොවැම්බර් මස 30 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුනද මේ දක්වා පාසල් නිළ ඇදුම් රෙදි හෝ වවුචර් පත් ලබා නොදීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමයේ දැඩි වීරෝධය පළකර සිටී.

මිට ඉහතදී සෑම වසරකම දෙසැම්බර් පාසල් නිවාඩුවට පෙර පාසල් නිල ඇදුම් රෙදි හෝ වවුචර් පත් ලබාදීමට පියවර ගනු ලැබුවේ ඊලග වර්ෂයේ ජනවාරි මාසයේදී අළුත් නිළ ඇදුමකින් සැරසී දරුවන්ට පාසල් යාමට හැකිවන පරිදිය. නමුත් පසුගිය ඔක්තෝම්බර් 26 දින සිදුවු ව්‍යවස්ථා වීරෝධි ආණ්ඩු වෙනසත් සමග 2016 වර්ෂයේ සිට ලබාදුන් නිළඇදුම් වවුචර් පත් වෙනුවට රෙදි ලබා දෙන බවට අමාත්‍ය මන්ඩලය තිරණය කළ බව මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.

අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිවරයා විසින් ප‍්‍රමිතියෙන් යුතු නිළඇදුම් රෙදි ලබාදෙනවා වෙනුවට ආරම්භ කළ වවුචර් පත් ලබාදීම අප කිසිසේත් අනුමත නොකරන බවත් හතලිස් ලක්ෂයක් වන මෙරට දරු දැරියන් තව දුරටත් අපහසුතාවයට පත්නොකර පාසල් නිළ ඇදුම් රෙදි හෝ වවුචර් පත් පාසල් නිවාඩුවට පෙර ලබාදීමට වහාම කටයුතු කරන ලෙසත් ලංකා ගුර සේවා සංගමය දැඩිව අවධාරණය කර සිටී.

Facebook
Twitter
LinkedIn