චීනයේ රසායනික කම්හලක අනතුරකින් 23ක් මරුට

චීනයේ රසායනික කම්හලක අනතුරකින් 23ක් මරුට

උතුරුදිග චීනයේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ රථයක් පිපිරීයාමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

චීනයේ ෂෙන්හුවා ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකට රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි රථයක් මෙම අනතුරට මුහුණ දී තිබේ. අනතුරින් තවත් විසිදෙනෙකුට පමණ තුවාල සිදුවී රෝහල් ගතකර ඇතැයි විදෙස් ආරංචිමාර්ග පවසයි.

පිපිරීමෙන් කම්හල අවට ගොඩනැගිලි කිහිපයකට හා වාහන කිහිපයකට ද හානි සිදුව ඇත.

Facebook
Twitter
LinkedIn