ආර්ථිකය පාලනය කරන්න බැහැ… මෝටර් රථ බදු වැඩි කිරීමට වෙනවා…

ආර්ථිකය පාලනය කරන්න බැහැ… මෝටර් රථ බදු වැඩි කිරීමට වෙනවා…

මේ වනවිට සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති ඩොලර් ඉවත් කරගෙන යන බවත් එය පාලනය කළ නොහැකි බවත් මේ වනවිට පෞද්ගලිකව කරනු ලබන ආයනය පවා සීමා කිරිමට කටයුතු කරමින් සිටින බවත් එය ආර්ථිකය අවපාත වීමට බලපාන බවත් වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පුංචි කාර් රටට අවශ්‍යතාවයක් නැති බවත් පුංචි කාර් ගෙන්වන එක සීමා කිරීමට වන බවත් ලොකු කාර් හා මැද ප්‍රමාණය කාර් ගෙන්වන අයට බදු වැඩි කළ යුතු බවත් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.

වාසුදේව නානායක්කාර මහතා පසුගිය 26වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  නීති විරෝධීව පිහිටුවනු ලැබූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තම ආණ්ඩුව මේ මොහොතේ බරපතල ගැටළුවකට මුහුණදී ඇති බවය.

මූලාශ්‍ර “අද”

Facebook
Twitter
LinkedIn