අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගගරිමින් සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (28) අධිකරණයට බාර වූ අතර එහිදී ඔහුට සම්බන්ධ නඩුව පස්වරු 2.30 දක්වා කල් තැබූ කොටුව මහෙස්ත්‍රාත්වරයාවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
පාසල් සිසුන් ඇතුළු තරුණයන් එකොළොස් දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට එරෙහි නඩුව අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිණි.
මෙම සිද්ධිය අනාවරණය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබා දුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසියට සිදු කළ ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.










